Posted on 03.12.2019 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරාශ්‍රිත ගංවතුර හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඔජලයේ ගිලී මියගොස් ඇති පිරිස 5 දෙනකු බවත් තවත් 6 දෙනකු නායයෑම හේතුවෙන් මියගොස් ඇති බවත් විදෙස් වාර්තා අනාවරණය කරයි. මියගිය අය අතර කුඩා දරුවකු ද සිටින බව වාර්තා වේ. නගරයේ ගොඩනැගිලි බොහොමයක් ගංවතුරින් යටවී ඇති බවද වාහන ගසාගෙන ගොස් ගස් හා වහලවල් මුදුනේ රැඳී ඇත. ගමනාගමනය ඇණහිට ඇති අතර දුම්රිය ස්ථාන දින නියමයක් නොමැතිව වසා දමා ඇත.
මේ තත්වය සම්බන්ධයෙන් කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ වර්ෂාව තව දින කිහිපයක් පවතිනු ඇති බවයි.