මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිතර ලාංකික හමුදා භට පිරිසක් ගමන් ගත් රථ පෙළක් බෝම්බයකට හසු වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදා කපිතාන්වරයකු හා සෙබළකු මියගොස් තවත් සෙබලුන් තිදෙනකු තුවාල ලබා ඇත.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු පවසන ආකාරයට බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම්වල යොදවා ඇති ලාංකික සෙබලුන් වෙත අද(25) එරට වේලාවෙන් පෙරවරු 6.30 ට පමණ ඩුවෙන්සා කාන්තාරය ආසන්නයේදී දුරස්ථ පාලකයක් මගින් මෙම බෝම්බය පුපුරුවා ඇත.
ලංකාවේ යුද්ධයෙන් දහස් ගණනක් මිය ගිය පසුව එකී භටයන්ට එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම්වලට සහභාගිවන ලෙස ආරාධනා ගැබුණු අතර මෙම මෙහෙයුම් නිසා ආණ්ඩුවට විදේශ විනිමය ආදායමක් හිමිවේ. මෙරට සොල්දාදුවන් තුන්සියකට ආසන්න පිරිසක් මෙසේ මාලි රාජ්‍යෙය් අල්-කයිඩා ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාර හමුවේ සාම සාධක කාර්යයට යවා විදේශ විනිමය ඉපයීමද ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් වී ඇත.