தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
සාමාජික විනය කඩ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට එරෙහිව උපරිම පියවර ගන්නවා! - රෝහණ ලක්ෂ්මන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සාමාජික විනය කඩ කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට එරෙහිව උපරිම පියවර ගන්නවා! – රෝහණ ලක්ෂ්මන්



ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකළ පුද්ගලයන්ට එරෙහිව සාමාජිකත්වය අත්හිටුවීමේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීම දක්වා උපරිම ක්‍රියාමාර්ග ගන්නට සූදානම් බව පක්ෂයේ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ශ්‍රිල.නි.ප. මහලේකම්වරයා පැවසුවේ තිරණ පිළිනොගෙන ආණ්ඩු පක්ෂයේ වාඩිවීම ඇතුළු විනය විරෝධී කටයුතු කරන ඕනෑම සාමාජිකයකුට එරෙහිව පක්ෂ විනය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර දඩුවම් දෙන්නට මැලි නොවන බවය. ඔහු මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමිනි. ආණ්ඩුවට එක්වූ මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගන්නට යන අතර පොදුජන පෙරමුණට එක්වූ මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රිල.නි.ප. මන්ත්‍රිවරු ගැන කුමන විනය ක්‍රියාමාර්ග ගන්නේද යන්න රෝහණ ලක්ෂමන් පියදාස පැවසුවේ නැත.