Posted on 08.31.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පනත අහෝසි කරන ලෙස විරෝධතා දක්වීම නිසා ව්‍යාජ චෝදනා නගමින් අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 05 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා හෝමාගම මහා අධිකරණයට ප්‍රතිශෝධිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
එම ඇප අයදුම්පත සළකා බැලූ හෝමාගම මහාධිකරණය සැප්තැම්බර් 15වනදාට විරෝධතා ගොනුකරන ලෙස නීතිපතිට නොතීසි නිකුත් කර ඇත.
අත්අඩංගුවට ගත් සිසු – ජන ක්‍රියාකාරීන් 05දෙනා අද(31) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබූ අතර එම නඩුව අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබේ.
අගෝස්තු 03 වනදා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මංසන්ධිය අසළ මාර්ගයේ පැවති සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වූ වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංගම් හා සිවිල් සමාජ ක්‍රියාකාරින් විසිර යාමෙන් පසුව සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි අත්අඩංගුවට ගෙන තිබිණි. පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත එදිනම රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රි ජයවඑර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 05 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වීමට යමින් සිටියදී පැහැර ගැනීමට ලක් විය. එදිනම රාත්‍රියේ රූපවාසිහින සංවාදයකට සහභාගි වීමෙන් පසු පිටව යමින් සිටියදී 06 වනදා පාන්දර අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබීය. අගෝස්තු 13 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂන ශිෂ්‍යයා අත්අඩංගුවට ගනු ලැබිණි.
මෙම ක්‍රියාකාරීන් පස්දෙනාගෙන් තිදෙනෙකුට එනම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන අයට මේවනවිට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියි.