Posted on 09.05.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට විරෝධය පළ කිරීම පිණිස නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය විසින් අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තුව අසළදී පැවැත්වූ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගනූ ලැබූ විරෝධතාකරුවන් 5 දෙනකු සම්මත යුක්තිය පිළිබඳ මූලධර්මයන් අනුව නීතිමය වශයෙන් ආරක්ෂා නොකර පළිගැනීමකට ලක්ව සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයගොඩ විසින් අධිකරණ ඇමතිවරයාට ලිපියක් යොමු කරමින් මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු විරෝධතාකරුවන් අනිසි කාලයක් සිරගතකර ඇති බව ප්‍රකාශ කර ඇත. මෙතරම් දීර්ඝ කාලයක් අසාමාන්‍ය ලෙස සිරගතව සිටින්නට ඔවුන්ට සිදුව ඇත්තේ ඇප ලබා නොදීම සඳහා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව පොදු දේපල සදහා විශාල හානියක් සිදු වූයේ යැයිි පවසමින් අභූත චෝදනා ඉදිරිපත් කිරීම නිසා බව ඔහු පෙන්වා දෙයි.
මෙම තත්වය නිසා මේ වන විට තිදෙනෙකුට බන්ධනාගාරය තුලදී කොරෝනා රෝගය වැලඳී ඇති බවත් ඔවුන් නිසි ක්‍රමවේදය යටතේ නිරෝධායන ක්‍රියාවලියකට පවා යොමුකර නොමැති බවත් ඔහු පවසයි. එසේම බන්ධනාගාර ධාරිතාව ඉක්මවා සිරකරුවන් රඳවා තිබීම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව දක්වමින් මෙසේ සිරගත කර සිටින විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස පුබුදු ජයගොඩ සිය ලිපිය මගින් අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ වන විට බන්ධනාගාර තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඇප ලබා දිය හැකි සියලුම සිරකරුවන්ට ඇප ලබා දෙන ලෙස පවා උපදෙස් ලබා දී තිබියදී අභූත චෝදනාව සැලසුම් සහගතව එල්ල කරමින් ඇප ලබාදීම වළකා ඇතැයිද පුබුදු ජයගොඩ පෙන්වා දෙයි.
පෙ.ස.ප. අධිකරණ ඇමතිවරයාට යැවු ලිපිය පහත පළ වේ.


