සුනාමි ව්‍යසනයට වසර 14ක් සැපිරෙයි

සුනාමි ඛේදවාචකය සිදුවී අද (26) දිනට වසර 14ක් සැපිරෙයි.

ඉන් මියගිය පුද්ගලයින් සිහිකර අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එසේම අද යෙදී ඇති ජාතික ආපදා සුරක්ෂිත දිනයට සමගාමීව සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ සර්වආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබේ.

දිස්ත්‍රික්ක 13කට බලපෑ සුනාමිය හේතුවෙන් ලංකාවේ 35,332ක් පමණ මියගොස් 516,160ක් අවතැන් තත්ත්වයට පත්විය. එසේම සංචාරක හෝටල් 48ක් සහ නිවාස 88,022ක් මින් විනාශයට පත්විය.

Sithara Sajeewani :