මාස ගණනාවකට පසුවද ‘සේනා’ දළඹුවා මර්දනය වෙනුවෙන් විසදුමක් දිය නොහැකි වූ ආණ්ඩුව එම වසංගතය මර්දනයට යල්කන්නය දක්වා බලා සිටින ලෙස ගොවීන්ට කියා සිටී.
බලධාරින් සහ දේශපාලකයන් වගා හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීම මිස හානිය වැළැක්වීම සම්බන්ධ වැඩපිළිවෙළක නොසිටි බව මෙයින් අනාවරණය වේ. මේ හා සමාන ලෙස දළඹුවා මර්දනය කරන තෙක් බඩඉරිගු වැවීම නවතා දමන ලෙසද බලධාරිහු පසුගියදදා ගොවීන්ගෙන් ඉල්ලා සිටියහ. පසුගිය වසරේ මැයි මාසයේ සිට අනතුරුදායක පලිබෝධකයක් ව්‍යාප්තවන බව දැනුවත්ව සිටි නමුත් එය වැළැක්වීමට ප්‍රමුඛතාවක් දුන්නා නම් මේ පළිබෝධය ව්‍යාප්තවන්නට පෙරාතුව එය පාලනය කළ හැකි වියයුතුව තිබිණි.