පසුගියදා සෞදි අරාබියේ රිය අනතුරකින් මියගිය 52 හැවිරිදි පාලිත විජය බන්ඩාර නමැති සැමියාගේ සිරුර ගෙන්වා දෙන ලෙස දුම්මලසූරිය වැලිපැන්නගහමුල්ල කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටී.
වසර 23ක් සෞදි අරාබියේ බරවාහන රියදුරකු ලෙස සේවය කළ සැමියා ජනවාරි 17 වැනිදා රිය අනතුරකින් මියගිය බව තමන්ට දැනුම් දුන් නමුත් ජෙඩා නගරයේ ඇති සිරුර ගෙන්වාගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නැති බවද බිරිය පවසයි.
විදේශ රැකියාවලින් වාර්සිකව විනිමය ආදායම් බන ආණ්ඩුව විදේශ සේවකයන් අසරණ වන විට කිසිදු මැදිහත්වීමක් නොකරණ බවද අනාවරණය වේ.