සෞදි අරාබියෙන් වාර්තා ගත බොරතෙල් නිපදවීමක්

පසුගිය ජුනි 22 දින වියානාහි පැවැති ඔපෙක් සංවිධානයේ හමුවෙන් පසුව බොර තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට සෞදි අරාබිය ප්‍රමුඛ සාමාජික රටවල් විසින් තීරණ කරලදී.

එසේ කිරීමට සිදුවූයේ එක්සත් ජනපද, චීනය හා ඉන්දියාව විසින් බොරතෙල් මිල ඉහළයෑම පිළිබදව අදාල රටවල් සදහා කරන ලද බලපෑමෙන් පසුවය. තෙල් මිල පාලනය කිරීමේ අරමුණෙන් සිය නිෂ්පාදන වැඩි කළයුතු බවට එල්ලකරන ලද බලපෑම හේතුවෙනි.

එම තීරණයට අනුව මේ  වන විට සෞදි අරාබිය සිය බොරතෙල් නිෂ්පාදනය වාර්තා ගත ලෙස වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර සෞදි අරාබිය විසින් එක් දිනකට නිපදවන ලද බොරතෙල් ප්‍රමාණය සටහන්ව තිබුනේ 2016 වසරේ නොවැම්බර් මසය. එම ප්‍රමාණය දිනකට බොරතෙල් බැරල් දශ ලක්ෂ දහයයි දශම හතයි දෙකකි.

එය ඔවුන් විසින් එක් දිනකට නිපදවනු ලැබූ වැඩිම ප්‍රමාණයයි. පසුගිය මැයි මසදී සෞදි අරාබිය විසින් නිපදවනු ලැබ තිබුනේද බොරතෙල් බැරල් දශ ලක්ෂ දහයයි දශම තුනකි.

නමුත් මේවන විට එම ප්‍රමාණය අභිබවා සිය නිෂ්පාදනය ජුලි මස තුලදී බොරතෙල් බැරල් දශ ලක්ෂ දහයයි දශම අටක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රමාණය සෞදි අරාබිය විසින් නිෂ්පාදනය කළහොත් එය ලෝකයේ එක් රටක් දිනකට නිපදවූ වැඩිම බොරතෙල් නිෂ්පාදනය ලෙසද වාර්තාවේ.

 

Madanayaka :