සෞදි කාන්තාවන්ට රිය පැදවීමේ අයිතිය
Posted on 09.27.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
සෞදි අරාබියේ අබ්දුල්ලා රජු විසින් එරට කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් කලක් සෞදි ආරබි කාන්තාවන්ට රිය පැදිවීමේ අයිතිය නොතිබුනි. මන්ද එරට පවතින ඉස්ලාමීය නීතියට අනුව කාන්තාවන්ට රිය ධාවනය කිරීම දඩුවම් ලැබෙන වරදක් ලෙස මේ දක්වා පැවතිනි.
ලොව පුරා රටවල් අතර කාන්තාවන්ට රිය පැදවීමේ තහනම පනවා තිබුනේ සෞදි ආරබියේ පමණි. මෙම නව තීරණයත් සමග සෞදි කාන්තාවන් ලක්ෂ ගණනකට සිය කටයුතු කර ගැනීමේ නිදහසත් පහසුවක් හිමිවනු ඇත. සෞදි කාන්තාවන්ට තවත් හිමිවිය යුත් අයිතිවාසිකම් බොහොමයක් එරට සෞදි පාලකයින් විසින් අහිමි කර ඇත.
ඉදිරි දින 30ක කාලයක් තුල මේ පිළිබදව නිල වාර්තාව නිකුත් කිරීමට නියමිත බව වාර්තාවේ. එළැඹෙන වසරේ ජුනි මස සිට මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තාවේ.
මෙම අයිතිය දිනා ගැනීමට එරට කාන්තා අයිතිවාසිකම් සදහා ක්‍රියාකරන සංවිධානවල බලපෑම හා රිය පදවා දඩුවම් විදි කන්නාවන්ගේ ධෛර්ය හා කැපවීමද දැඩිව බලපා තිබේ.