සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති හතරවන ටෙස්ට් තරගයෙන් ලකුණු 60ක ජයක් ලැබීමට ඊයේ එංගලන්ත කණ්ඩායම සමත්විය.
මේ අනුව ටෙස්ට් තරගාවලිය 3-1 ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරගයේ සිවිවන දිනයේදීම අවසන්විය.
පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 246ක් ලබා ගැනීමට සමත්ව තිබූ අතර ඒ සදහා කුරන් ලකුණු 78 ලබා ගැනීමට සමත්විය.
ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා ලකුණු 276ක් ලබාගැනීමට සමත්විය. ඒ සදහා පුජාරා ලකුණු 132 නොදැවී ලබා ගැනීට සමත්විය.
දෙවන ඉනිම සදහා එංගලන්ත කණ්ඩායට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 271ක් පමණි. ඒ සදහා බට්ලර් ලකුණු 69ක් ලබා ගැනීමට සමත්ව තිබේ.
ඉන්දීය දෙවන ඉනිම සදහා ලකුණු 184කට දැවීගිය අතර කෝලී ලකුණු 58 හා රහානේ 51 ලබා ගැනීමට සමත් වුවත් එංගලන්තය හමුවේ පරාජයෙන් ගැලවීමට නොහැකි විය.