ජූලියන් ඇසෙන්ජ්ගේ සමීපතමයකු අභිරහස් ලෙස අතුරුදහන්

විකිලීක්ස් ප්‍රධානී ජූලියන් ඇසෙන්ජ්ගේ ප්‍රධානතම සහකරුවකු ලෙස කටයුතු කළ නෙදර්ලන්ත ජාතික අර්ජන් කොම්පායිස් පසුගිය අගොස්තු මස 20 වැනි දින සිට අභිරහස් ලෙස අතුරුදහන්ව ඇති බව වාර්තාවේ.

මොහු සයිබර් ආරක්ෂක විශේෂඥයකු වන අතර විමර්ශනාත්මක ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධානයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටි අයෙකු වන අතර එහි මූලධර්ම පද්ධතිය සැකසීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේය.

ලොව පුරා මහත් ආන්දෝලනාත්මක හෙළිකිරීම් කරමින් වංචා දූෂණ පිළිබදව ලොව පුරා ජනතාවගේ අවධානය යොමුකිරීමේ අතිශ්‍ය වැදගත් වැඩ කොටසක් ඉටුකරමින් සිටින විට මොහුව නොර්වේ හිදී නැවතී සිටි හෝලයට නොපැමිණි නිසා සොයාබැලීමේදී අභිරහස් ලෙස අතුරුදහන්ව ඇති බව වාර්තාවේ.

මේ පිළිබදව නොර්වේ පොලීසිය සොයා බලන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජත්‍යන්තර වශයෙන් අර්ජන් කොම්පායිස්ගේ අභිරස් අතුදහන්වීම පිළිබදව එ.ජනපද රහස් ඔත්තු සේවා හෝ වෙනත් කිසියම් රටක ඔත්තු සේවා විසින් පැහැර ගැනීමකට ලක්කර ඇති බවට සැක කරයි.

Madanayaka :