ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් ඊයේ (22) රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප්‍රධානත්වයන් ඊයේ පැවැති ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී ගත් තීරණ කිහිපයකට මෙම තීරණයද ඇතුළත්ය.
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇති බව රජය පවසයි.
හදිසි නීති රෙගුලාසි යටතේ ත්‍රස්තවාදය මැඩලීමට යයි කියමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව දින 90ක් රඳවා තබා ගැනීමේ බලය පොලීසියට ලැබේ.