උසේන් බෝල්ට් ජස්ටින් ගැට්ලින්ට පරදී

ඊයේ පැවැති ලෝක මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව සදහා වූ තරගයෙන් හුසේන් බෝල්ට් පරාජය කිරීමට ජස්ටින් ගැටිලින් සමත්විය.

සිය ප්‍රතිවාදියාට වඩා තත්පර දශම තුනකින් බොල්ට් පරාජය කිරීමට ගැට්ලින් සමත්විය. ජස්ටින් ගැට්ලින් සිය කාලය තත්පර 9.92කින්ද, ක්‍රිස්ටියන්ස් කොලමන්ස් සිය කාලය තත්පර 9.94 කින්ද අවසන් කළ අතර හුසෙන් බොල්ට් මෙම තරගයේ දී හිමිවූයේ තෙවන ස්ථානයයි ඒ සදහා තත්පර 9.95 කාලයක් ඔහුට ගතවිය.

පළමු හා දෙවන ස්ථානයන් දෙකම එක්සත් ජනපද ක්‍රීඩකයින් වන ජස්ටින් ගැට්ලින් හා ක්‍රිස්ටියන් කොලමන්ස් යන ක්‍රීඩකයින් දෙදෙනා විසින් හිමිකර ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව හුසේන් බෝල්ට්ගේ අවසන් අන්තර් ජාතික සමුගැනීමේ තරගයෙන් ලෝකඩ පදක්කමකින් සෑහීමට පත්වීමට සිදුවිය.

Madanayaka :