தமிழ்
English
Contact
Monday 6th May 2019    
හෙට ඇරඹෙන එ.ජා. මානව හිමිකම් සමුලුවට ලංකාව ගැන තවත් යෝජනාවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හෙට ඇරඹෙන එ.ජා. මානව හිමිකම් සමුලුවට ලංකාව ගැන තවත් යෝජනාවක්!



ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් සංවර්ධනය පිණිස නව යෝජනාවක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුලුවට ඉදිරිපත් කිරීමට එම සමුලුවේ ලංකාව සම්බන්ධ ‘මධ්‍ය කණ්ඩායමේ‘ රටවල් විසින් කටයුතු සූදානම් කර තිබේ.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය හෙට(25) ජිනිවා නගරයේදී ආරම්භකර මාර්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 2015දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුලුවට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ එක්සත් ජනපද යෝජනාවට සහාය දැක්වීමට ලංකා ආණ්ඩුව තීරණය කළ අතර 2017දී එම යෝජනා ප්‍රකාරව ඉටුකළ යුතු කරුණු සම්පූර්ණ කිරීමට තවත් දෙවසරක කාලයක් ආණ්ඩුව විසින් ඉල්ලා සිටින ලදී.
මෙම සම්පූර්ණ කිරීමේ කාර්යයන් අතර අතුරුදන්කිරීම් සම්බන්ධ සෙවීමේ යාන්ත්‍රණය, යුද අපරාධ සම්බන්ධ ක්‍රියාත්මක කිරීම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති යාවත්කාලීන කිරීමද අයත්ය. අතුරුදන්වීම් සම්බන්ධයෙන් කාර්යාලයක් පිහිටුව ලද අතර ඒ පිළිබද තොරතුරු එක්රැස් කිරිම සිදුවෙමින් තිබේ. මීට අමතරව යුද අපරාධ පිළිබද ක්‍රියාකාරිත්වයක් සදහා ආණ්ඩුව පියවර තැබිමෙන් වැළකී සිටින ආකාරයක් තිබේ. එහිදී ආණ්ඩුවේ දෙපාර්ශ්වය ලෙස සිටි එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි පිල යුද අපරාධ පිළිබද ක්‍රියාකාරිත්වයක් දකුනේ ඡන්ද පිළිබද අනතුරුදායක පියවරක් ලෙස සළකා කල්දමමින් සිටී. මේ අතරම ජනාධිපතිවරයා එවැනි යුද අපරාධ සිදුව නැති බවටද ප්‍රකාශ කරමින් සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ දක්වාම යුද්දය හදුන්වන්නේ ආරක්ෂක හමුදා විසින් කළ මානුෂික මෙහෙයුමක් බැවින් සිවිල් ජනයාට එහිදී කිසිදු හානියක් සිදු නොකළ බවය.
කෙසේවෙතත් යුද සමයේ සිදුව ඇති බවට චෝදනා ඉදිරිපත්ව ඇති සිදුවීම් ගැන වුවද අන්තර්ජාතික විමර්ශනයක් සිදුකිරීමට කිසිදු ලාංකික දේශපාලන නායකයකු එකගතාව දක්වා නැත. මෙවර එ.ජා. මානව හිමිකම් සමුලුව තුලදී ලංකාවේ ක්‍රියාමාර්ග කුමන ආකාරයක්දැයි ආණ්ඩුව විසින් පවා ප්‍රකාශ කර නැත. එහෙත් 2015 එක්සත් ජනපද යෝජනාවට දැක්වූ සහාය ඉවත්කරගැනීමට අවශ්‍ය යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ආන්දෝලනයකට හේතු වී ඇත. එසේම පසුියකාලයේ සිදුවී ඇති වැරදිම් අමතක කළ යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා උතුරේදී කළ ප්‍රකාශයද විවේචනයට ලක්ව ඇත.

මේ පසුබිම තුළ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුලුවට නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ලංකාව සම්බන්ධ ‘මධ්‍ය කණ්ඩායමේ‘ රටවල් ලෙස හදුන්වන බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ රාජ්‍ය විසිනි.