හොංකොං පරදා ඉන්දියාව ජයගනී

මෙවර ආසියානු කුසලාන හතරවැනි තරගය වූ ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් අතර ඊයේ පැවැති තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

ඊයේ ඉන්දියාව සමග පැවැති තරගයෙන් පරාජය වීමෙන් පසු හොංකොං කණ්ඩායමද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ලකුණු 286 ක ඉලක්කයක් හඹාගිය හොංකොං කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 259 කි් පමණි.

ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 තුල කඩුළු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගැනීමට සමත්වූ අතර ඒ සදහා ශ්‍රීකර් දවාන් 127ක්ද අම්බති රයිදු ලකුණු 60ක් ලබා ගන්නා ලදී.

හොංකොං කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නිසාකට් ඛාන් හා අන්ෂුමාන් රාත් සිය පළමු කඩුල්ල සඳහා ලකුණු 174 ක් රැස් කළත් ඉන්පසුව පැමිණි පිතිකරුවන් එම ලකුණු වේගය පවත්වා ගෙන යාමට අසමත්විය.

Madanayaka :