මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට වන කතා බහ සම්බන්ධයෙන් තමන් පොලිස්පතිවරයාට පසුගිය සඳුදා පාර්ලිමේන්තුවට කැඳවා තොරතුරු විමසූ බව කතානායක කරූ ජයසූරිය පවසා තිබේ.
එසේම තමන් සිද්ධිය දැනගත් වහාම පොලිස්පතිවරයා, රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳ විමසා සිටි බව කතානායකවරයා ප්‍රකශ කර තිබේ.
ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් තමන්ට පාර්ලිමේන්තුව තුළ බරපතල කරුණු පිළිබඳ කතා කිරීමට කතානායකවරයා ප්‍රමාණවත් කාලයක් ලබානොදෙන බවට චෝදනා කිරීමෙන් අනතුරුවයි.