Posted on 10.20.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව දිවයින පුරා ළමුන් 200ට අඩු පාසල් 3800ක් පමණ හෙට සිට විවෘත වන බව එම අමාත්‍යංශය පවසා තිබේ.
අදියර හතරක් යටතේ පාසල් ආරම්භ වන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්යය කපිල පෙරේරා මෙලෙස අදහස් දැක්වීය.
“2021.10.21 වන දින නැවත කොවිඩ් සංචරණ සීමා ඉවත්කර සෞඛ්‍ය නිර්දේශ මත අදියර 4ක් යටතේ, පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබිලා තියෙනවා. ලංකාවේ තියෙන සමස්ත සිසුන් සංඛ්‍යාව 200ට අඩු පාසල්වල 1 – 5 ශ්‍රේණි විවෘත වෙන්නේ. ඊට පස්සේ දෙවැනි අදියරේ දී 200ට වැඩි පාසල්වල 1 – 5 ශ්‍රේණි සහ සමස්ත සිසුන් සංඛ්‍යාව 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි තුන්වන අදියරේ 10, 11, 12 සහ 13 ශ්‍රේණි විවෘත වෙනවා. හතරවන අදියරේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණිවල පාසල් විවෘත වෙනවා. හැබැයි සියලුම ශ්‍රේණි විවෘත කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය නිර්ණායක දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව එක පන්තියක සිසුන් සංඛ්‍යාව 20ට අඩු නම් සතියේ හැමදාම ගෙන්නන්න පුළුවන්. 20 – 40ත් අතර නම් පන්තිය දෙකට බෙදලා දවසක් හැර දවසක් හෝ සතියක් එක කණ්ඩායමක් අනෙක් සතියේ අනෙක් කණ්ඩායම ඊට පස්සේ 40ට වැඩි නම් ඒක තුනකට බෙදලා තමයි ගෙන්වන්නේ. “
පාසල් විවෘත කිරීමේ පළමු අදියරේ ප්‍රගතිය මත සෙසු අදියරයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බව මහාචාර්යය කපිල පෙරේරා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර වර්ජනයේ නිරත ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ලබන 25 වනදා සිට පාසල්වල රාජකාරී කටයුතු ආරම්භ කිරීමට පසුගියදා තීරණය කළේය.