හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු ඇමතිකම ලබාදීමේ පහසුව සදහා ඇමති අර්ජුන රණතුංග සිය ඇමති ධුරයෙන් ඉවත්වන්නට එකග වූ බවට දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබේ.
ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට කිසිදු සහායෙක් නොමැති නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ඇමතිධුර 30 ඉක්මවා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට හැකියාවක් නැත. එහෙත් ඇතිව තිබෙන ආරක්ෂක දුර්වලතා පාලනය කිරීමට හැකියාව ඇති බව පවසමින් සරත් ෆොන්සේකා අභ්‍යන්තර ඇමතිකමට පත්කරන්නට යෝජනා ඇමති මණ්ඩලයෙන් ඉදිරිපත් විය. එහෙත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා එකග නොවන්නේ ආණ්ඩුවේ ඇමතිධුර වැඩිකළ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වන්නට අතැමැති වීමෙන් බව කියනු ලැබේ. කෙසේවෙතත් ජනාධිපතිවරයා හා සරත් ෆොන්සේකා අතර ඇති ප්‍රතිවිරෝධතා නිසා ඔහුට ආරක්ෂක විෂය භාරදීමේදී එකග නොවන තතිවයක් උද්ගතව ඇත.