‘ෆොනී‘ කුණාටුව දිවයිනට ළගා වෙමින් තිබේ!

‘ෆොනි‘ කුණාටුව මේ වනවිට දිවයින ආසන්න දෙසට පැමිණෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ කිලෝමීටර් 640 ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් පැවති කුණාටුව අද සවස 2.30 වනවිට දිවයින දෙසට පැමිණෙන බව වාර්තා විය. මේ නිසා මීළග පැය 12 තුළ තදබල සුළි කුණාටු තත්වයක් දිවයිනේ උතුරු ප්‍රෙද්ශයට බලපානු ඇතිබවට අනාවැකි පළ වේ.

ඒ සමග නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම, බටහිර සහ වයඹ පළාත්වලට සහ මන්නාරම දිස්ත්‍රික්කයේ මිලිමීටර් 150 පමණ වර්ෂාපතනයක් ඇතිවීමට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අනාවැකි පවසයි. අනෙකුත් ප්‍රදේශවලටද මිලිමීටර් 100 පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

Chandana Sirimalwatte :