රජයට අයවිය යුතු රුපියල් කෝටි 19 697 ක බදු මුදලක් පසුගිය 2017 වසරේ ගෙවීම පැහැර හැර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දක්වා ඇත. එකතු කළ අගය මත බදු මුදල් හෙවත් වැට් බදු මුදල් රුපියල් පනස්දහස් තිස්පන් කොටි හාරලක්ෂ හැත්තෑ දහස් නවසිය අසු අටක්ද ජාතික ආරක්ෂක බද්ද ලෙස අයකෙරෙන බදු මුදලින් රුපියල් 1267,057,545 ක මුදලක් ද ගෙවීම පැහැර හැර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
ඊට අමතරව පිරිවැටුම් බදු 1,722,835,502 ක් , හැර බද්ද 2,215,581,368ක්, ආදායම් බද්ද මත අධිබාරය ලෙස අයවිය යුතු රුපියල් 258,960,780ද මූල්‍ය සේවා සඳහා එකතුකළ අගය මත බදු මුදල් රුපියල් 7643,997,409 ද, ආර්ථික සේවා රුපියල් 3,849,895,152 ද , ජාතිය ගොඩනැගීමේ බදු රුපියල් 9,145,262,843 ද, මූල්‍ය සේවා සඳහා වන ජාතිය ගොඩනැගීමේ බදු මුදල් වන රුපියල් 391,312,502 ද, මුද්දර බද්ද රුපියල් 9,732,724 ද , භාණ්ඩ හා සේවා බද්ද රුපියල් 934,955,433, සමාජ වගකීම් බදු 1,848,479 ද , ධන බද්ද රුපියල් 849,952 ද ගෙවීම පහර ඇති බව එම වාර්තාවේ දැක්වේ.
එම බදු මුදල් අතරින් රුපියල් 19,943,367,597 ක මුදලක් රැස්කර හැකි මුදල් බවද දේශීය ආදායම් දෙපාර්තම්න්තුව සඳහන් කරයි. නියමිත දිනට බදු නොගෙවීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගත්තද තවමත් සැළකිය යුතු පිරිසක් බදු ගෙවීම පැහැර හරින බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා තිබේ.
මේ අනුව 2017 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රසකර ඇති ආදායම රුපියල් මිලියන 836,518 ක මුදලකි.