Posted on 11.03.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තුවේදී මුදල් ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අය-වැය කථා සහ සැබෑ ලෙස ක්රියාත්මක වන අය-වැය අතර විශාල වෙනසක් පවතින බව වෙරිටේ ආයතනයේ නවතම පරීක්ෂණයකින් පෙන්වා දී තිබේ.
2021 වසරේ අයවැය ලේඛනය සදහා ආණ්ඩුව විසර්ජන ගිණුම අනුමත කර ගනිමින් කටයුතු සම්පාදනය කෙරෙමින් තිබිය දී, වෙරිටේ පර්යේෂණ ආයතනය වාර්ෂික අය වැය ලේඛන මගින් ලබා දෙන ප්රධාන පොරොන්දු සම්බන්ධයෙන් මෙම නිරීක්ෂණය ඉදිරිපත් කර තිබේ.
2018 ගත්කළ එම වසරේ පළමු මාස හය අවසානයේදී, ඉටුකරන ලදදේ ලබාදෙන පොරොන්දු වලින් 8% ක් පමණක් බව වෙරිටේ ආයතනය පවසයි.
ඊට අමතරව, යෝජනා වලින් 33% ක ප්රගතිය හදිසියේ නැවතී ඇති බව පරීක්ෂණ වාර්තා වල දැක්වේ.
‘වෙරිටේ’ පෙන්වා දෙන්නේ මෙහි අරුත වන්නේ රජය එක්කෝ තමන් කියා සිටින දේ නොකර සිටීම හෝ එසේ නොමැති නම් රු. මිලියන 60,200 ක් වටිනා මෙම අය-වැය පෙරොන්දු 33 සම්බන්ධයෙන් කළේ කුමක්ද යන්න ප්රකාශ නොකරන බවයි.
එසේම, 2018 අයවැයේ වියදම් යෝජනා වලින් වැඩි පංගුව එනම් 59% ක්, ඒවා ක්රියාත්මක කිරීමේදී අතපසුවීම් සිදුවී යැයි ද ඔවුන් වර්ගීකරණය කර ඇත.
2019 නිරීක්ෂණයන් අනුව අයවැයෙන් ඉදිරිපත් කරන ලද ප්රතිපත්ති යෝජනා වලින් 41% ක් ක්රියාත්මක නොවූ බවද, වෙරිටේ පර්යේෂණ ආයතනය අනාවරණය කර තිබේ.
2019 දී 32% යෝජනා ක්රියාත්මක කිරීම පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගත නොහැකි වූ බව ද ඔවුන්ගේ වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.
ගතවූ කාලයේ පැවැති පෙරකී අත්දැකීම් සලකන කල්හි 2021 අය-වැයයෙන් ලබාදෙන පොරොන්දු ඉටුවේද යන්න ප්රශ්නකාරී බව වෙරිටේ ආයතන දක්වා තිබේ.