පළාත්පාලන මැතිවරණ සංශෝධනයෙන් 25% කාන්තා නියෝජනයක් උදෙසා ගෙන ආ ප්‍රතිසංස්කරණ පවා මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති පසුබිමක ඒ පිළිබද සාකච්ඡා කිරීමට ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය‘ විසින් විවෘත සංවාද සභාවක් කැදවා තිබිණි.
“මෙතන රෝස මල ම්තන නටන්න..“ 25% කාටද?කුමටද්?‘ යන තේමාවෙන් එම සංවාදය ඊයේ (5) කොළඹ සුදර්ශි ශාලාවේදී පැවැත්විණි. ප්‍රභා මනුරත්න, ප්‍රියදර්ශනී ආරියරත්න, සුරේඛා සමරසේන, ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න හා හේමමාලි අබේරත්න විසින් මූලික අදහස් දැක්වීමෙන් පසුව සංවාදය ආරම්භ විය. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ මෙන්ම වෙනත් සමාජ ක්‍රියාකාරික කණ්ඩායම්වල සාමාජික සහභාගිත්වයක් මෙම අවස්ථාව තුළ දක්නට ලැබිණී.
සුරේඛා සමරසේන
නිලන්ති ගුණවර්ධන
ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න
ප්‍රියදර්ශනී ආරියරත්න
ප්‍රභා මනුරත්න