හම්බන්තොට අක්කර 400 ක් සිංගප්පූරු සමාගමකට !
ඉන්ධන පිරිපහදුවක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට සිංගප්පූරුවේ සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවයක් සහිත අපනයනය සඳහා ආයෝජනක් බව කියන මෙම යෝජනාව අනුව, යෝජිත ඉන්ධන පිරිපහදුව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400 ක බිම් ප්‍රමාණයක් ආයෝජකයා වෙත බදු පදනම මත ලබා දීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.