හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තම සංවිධානය ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ගොනු කළ බව ‘ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය‘ සඳහන් කරයි.
දමිල ක්‍රියාකාරිකයෙකු වෙන සමාදානම් ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කළ බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි. මින් පෙර ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ චෝදනා නගමින් අධිකරණයට ගිය රෝයි සමාදානම් මේ වනවිට කැනඩා ජාතිකයෙක් ලෙස ජීවත්වන්නෙකි. 2007 වසරේදී ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා තබාගෙන සිටි ඔහු 2010 වසරේ අගෝස්තු මාසයේදී නිදහස් කරණ ලදුන කැනඩාවේ රුකවරණ පතා පැමිණ ඇත.
තමන් විසින් පවරන ලද නඩුවට අදාළව නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ බාර දි ඇති බවත් ‘ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය‘ සඳහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවරට නිවාඩුවක් ගත කිරීමට පැමිණි බව තම පෞද්ගලික විමර්ශකයන් මගින් දැන ගැනිමෙන් පසුව මෙම නඩුව ගොනු කළ බවත් ඔවුන් සඳහන් කරයි.