Posted on 04.15.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරනු වෙනුවට පෞද්ගලික රෝහල් ස්ථාපිත කරමින් සිටින ආණ්ඩුව මේ වනවිට ඒම රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රයක් කඩිනමින් ප්‍රකාශයට පත්කරන්නට සැරසෙයි.
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ ගැසට් පත්‍රය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ලංකාවේ රෝහල් පද්ධතිය සහ මහජන සෞඛ්‍ය සේවා යම් ගුනාත්මක මට්ටමකට පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය සේවාවේ සුලු සේවකයාගේ සිට ඉහළ නිලධාරින් විශාල පිරිසකගේ දැඩි පරිශ්‍රමය නිසාය. ඒහෙත් නවලිබරල් ප්‍රතිසංස්කරණ හදුන්වාදෙමින් සෞඛ්‍ය සේවා වෙළද භාණ්ඩකරණය කිරීමේ අරමුණින් ආණ්ඩුව කටයුතු කරයි. මේ යටතේ මෙතෙක් අවිධිමත්ව පවත්වාගෙන ගිය පෞද්ගලික රෝහල් නීත්‍යානුකූලව සෞඛ්‍ය සේවාවට ඒක් කිරීමෙන් තවදුරටත් ඒ්වා නියාමනයකට යටත් කිරීමෛන් නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවට වාණිජ සෞඛ්‍ය සේවාවක් ආරම්භ කිරීම ආණ්ඩුවේ අරමුණ බව පෙනේ.