Posted on 03.14.2019 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ගත වූ 2018 වසර තුළ දී දිවයිනේ සමස්ත පිළිකා රෝගීන්ගේ ලැයිස්තුවට අලුතින් එක් වූ රෝගීන් ගණන 28,000ක් පමණ වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
දිවයිනේ සිදුවන මරණ වලින් දෙවෙනි තැන පිළිකා හේතුවෙන් සිදුවන මරණ සඳහා හිමිව තිබෙන බවත් මේ වන විට ලොව පුරා රෝගීන් මිළියන 18.1ක් හඳුනා ගෙන ඇති අතර මෙය වාර්ෂිකව සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් එම කාර්යාංශය වැඩි දුරටත් කරුණු දක්වමින් පෙන්වා දී ඇත.
කෘතිමව නිර්මාණය කරන ලද මෙම පිළිකා බොහොමයක් දීර්ඝ කාලීනව සැලසුම්සහගත ලෙස මහජනයා භාවිත කරන ආහාර පාන සහ ඖෂධ ඔස්සේ ව්‍යාප්ත කිරීම හේතුවෙන් බහු ජාතික සමාගම් අතිශය ලාභ ලබමින් සිටින අතර ඔවුගේ ලාභ වෙනුවෙන් 2018 වසරේ පමණක් ලොවට අහිමි වූ ජීවිත ප්‍රමාණය මිළියන 9.6ක් බව වාර්තා වේ.
ලොව දැවැන්තම මාෆියාවක් ලෙස හඳුන්වන රෝග නිර්මාණය කරමින් ඒ සඳහා ප්‍රතිකාර අලෙවි කිරීමේ ඖෂධ මාෆියාව මේ වන විට තීරණාත්මක ලෙස මිනිස් වර්ගයාගේ පැවැත්මට බලපෑම් කරමින් ඇති අතර ඔවුන්ගේ ලාභ වෙනුවෙන් ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල් ඉතා පහසු ලෙස භාවිත කරමින් ඇත.