Posted on 01.13.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව පළාති සභා මැතිවරණ පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි.
ව්‍යවස්ථාව අනුව පළාත් සභාවට මහජන නියෝජිතයන් පත් කිරීමේ මැතිවරණ පැවැත්විය යුතු බව ඔහු පෙන්වා දී ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “පළාත් සභා රටට අනවශ්‍ය වියදමක්, නාස්තියක් කියලා සමහර පාර්ශ්ව කියනවා. කොහොම වුණත් පළාත් සභා මන්ත්‍රිවරුන්ට වියදම් කෙරෙන මුදල පළාත් සභාවල මුලු වියදමෙන් 0.3ක් විතරයි.” යනුවෙනි.
විවිධ ක්ෂේත්රවලට අදාළ පුලුල් භූමිකාවක් පළාත් සභාවලින් ක්‍රියාත්මක වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇත.