පීඨය වසා දැමීමට එරෙහිව සම සෞඛ්‍ය සිසුන් අඛණ්ඩ විරෝධතාවයේ

රුහුණ සරසවි සම සෞඛ්‍ය විද්‍යා පීඨය අත්තනොමතික ලෙස වසා දමා සිසුන් මර්දනය කරමින් සිටින ආණ්ඩුව ප්‍රමුඛ සරසවි පාලනාධිකාරිය එරෙහිව සරසවි සිසුන් අඛණ්ඩ අරගලයක නිරත වෙමින් ඇත.

අද(26) දින රුහුණ සරසවි මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම අසාධාරණ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධතා දිනයක් නම් කර කරමින් කාරපිටිය නගරයේ ආකෘතීන් කිහිපයක් යටතේ විරෝධතාවන් සංවිධානය කර තිබුණි.

රුහුණ විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය අත්තනෝමතික ලෙස වසා දමා අදට දින 35ක් ගත වී ඇති අතර මේ වන තෙක් සිසුන්ගේ ආධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සරසවි පාලනාධිකාරිය ඇතුළු ආණ්ඩුව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්ව තිබේ.

සාධාරණ හේතුවක් ද පෙන්වා දිය නොහැකි උපකුලපතිවරයා තමන් පීඨාධිපතිව සිටිමින් වසා දැමු පීඨය නැවත ඇරඹීම සිය වගකීමක් නොවන බව පෙන්වා දෙමින් ගැටළුව මඟහරිමින් සිටින අතර මෙම අත්තනෝමතිකත්වයට එරෙහිවන සිසුන් මර්දනය කිරීම සඳහා පමණක් ආණ්ඩුව වඩාත් උනන්දුවෙන් මැදිහත් වෙමින් ඇත.

Lahiru Umayangana :