කොන්දේසි කඩකළ ෆේස්බුක් ගිණුම් ඉවත් කරයි!

ලොව පුරා බිලියන 2කකටත් අධික ග්‍රාහකත්වයක් ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවියේ පරිශීලකයන් ෆේස්බුක් නිර්ණායකයන්ට හා ආරම්භයේදී එකගවන කොන්දේසිවලට පිටුපාන විට ඔවුන්ගේ ගිණුම් මකා දැමීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇත.
මේ අනුව, ෆේස්බුක් ගිණුම් ආරම්භයේදී එකගවන කොන්දේසි කඩකළ බවට සනාථ වූ ඉරානය, රුසියාවේ, මැසිඩෝනියාව සහ කොසෝව යන රටවල්වල ෆේස්බුක් ගිණුම් රාශියක් සමාගම විසින් මකා දමා ඇත. සමාගම විසින් මෙම තීරණය ගැනීමෙන් පසුව, ව්‍යාජ සහ කොන්දේසි කඩකරමින් කටයුතු කළ ෆේස්බුක් පිටු 2, 632ක්, කණ්ඩායම් ගිණුම් සහ ෆේස්බුක් ගිණුම් කිහිපයක් ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක්  සමාජ ජාලයෙන් ඉවත් කර ඇත. රුසියාවට සම්බන්ධ ගිණුම් 1,907 ක් සහ ඉරානයේ ගිණුම් 513ක්, එසේ ඉවත් කර බව ෆේස්බුක් සමාගම විසින් නිවේදනය කර ඇත.
පසුගිය වසර දෙක් තුළ අන්තවාදී මත ප්‍රචාරය වූ ගිණුම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වූ බව ෆේස්බුක් ආයතනය පවසයි. ලංකාවේ ජාතිවාදී ගැටුම්වලදීද ෆේස්බුක් ආයතනයේ මැදිහත්වීම සම්බන්ධ චෝදනා එල්ල වූ අතර පසුව රජය මැදිහත්ව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වාරණයකට සූදානම් විය. මේ වනවිට ලොව පුරා රාජ්‍යයන් විවිධ අන්තවාදී හා ප්‍රචණ්ඩ ක්‍රියා පාදක කරගෙන සමාජ මාධ්‍ය වාරණයක් ක්‍රියාත්මක කරයි. භාෂණයේ නිදහස ආරක්ෂා කරන බව පවසමින් ලංකාවේ ආණ්ඩුවද ෆේස්බුක් වාරණයට ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂපාත නමුත් ප්‍රඡණ්ඩත්වය එහි මූලයන් සමගින් ඉවත් කිරීමේ පිළිවෙතකට තවමත් යොමු වී නැත.

Chandana Sirimalwatte :