Posted on 02.16.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නාරාහේන්පිට ලංකා ෙහාස්පිටල් අායතනයේ සේවය කළ හෙදියක සමූහ ලිංගික අපෙයා්ජනයට ලක් කිරීමේ චෝදනා යටතේ යුද හමුදා කපිතාන්වරයෙකු නාරාහේන්පිට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කාන්තාවක් සමූහ දුෂණයට ලක් කර ඇති බවට ජනවාරි 06 වැනිදා නාරාහේන්පිට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. යුද හමුදා රෝහලේ කපිතාන් ධුරය දරන ෙවෙද්‍යවරයකු ඒම කාන්තාව සමග සබදතාවක් පවත්වාෙගන ගියද ඔහු විවාහකයකු බව දැනගත් අවස්ථාවේ කාන්තාව ඔහු සමග විරසක වී සබදතාව අත්හිටුවා අැත. ඒහෙත් ඒසේ සබදතාව අත්හැරීමේ හේතුව නිසා පළිගැනීමේ චෙත්නාවෙන් ඒම ෙවෙද්‍යවරයා විසින් අැය සමූහ ලිංගික අපරාධයකට ගොදුරු කරන්නට කටයුතු කළ බවට චෝදනා ඒල්ල වී අැත. චූදිත යුද හමුදා කපිතාන් වෛද්‍යවරයා ඇතුළු තිදෙනකු පසුගිය 11 වනදා නාරාහේන්පිට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මන්නාරම හමුදා කදවුරට අනියුක්තව සේවය කරන තවත් යුද හමුදා කපිතාන්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අැත.
පසුගිය කාලයේ යුද හමුදාවේ විවිධ නිලයන්ට අයත් පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය සෙබලුන් විවිධ අපරාධකාරී කටයුතුවලට චෝදනා ලැබූ අතර යුද සමයේ සිටම ලිංගික අපරාධ සම්බන්ධව චෝදනා ඒල්ල විය. යුද රාජකාරියේ යෙදුණු සොල්දාදුවන්ගේ සිට ජනරාල් නිලය දක්වා පුද්ගලයන් අැතැම් අවස්ථාවල සිය බිරින්දෑවරුන්ට හා වෙනත් ඥාතින්ට කෘර අපරාධ සිදුකළ අාකාරය සම්බන්ධ පුවත් පළ වන්නට විය. යුද අපරාධ චෝදනා අතර දෙමළ ජාතික තරුන තරුණියන් ලිංගික අපරාධයන්ට ලක් කළ බවට සාක්ෂි සහිතව චෝදනා ඒල්ල කර තිබේ. මේ සම්බන්ධව සමාජ විද්‍යාඥයන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ යුද්ධයට පසුව සොල්දාදුවන්ද පුනරුත්ථාපනය කල යුතු බවය. ඒසේ වුවද මහින්ද රාජපක්ෂ පාලනය හෝ වත්මන් හවුල් අාණ්ඩුව ඒම තත්වය සම්බන්ධව කිසිදු වගකීම් සහගත පියවරක් ගෙන නැත. බිහිසුනු ගැටුම් හා මානසික අාතතීන් ජනිත කළ තිස් වසරක යුද්ධය අවසන් වූ පසුව ඒහි අුරු ප්‍රථිඵල සමාජය වෙත යළි යළිත් පරාවර්තනය වන මෙම අපරාධකාරී ක්‍රියාවලිය නවතා දමන්නට නම් හුදෙක් සිදුවිම්වලදී පුද්ගලයන්ට පමණක් චෝදනා කිරීමෙන් නොනැවතී සමාජයක් ලෙස ඒම තත්වයට විසදුම් සෙවිය යුතුව අැත.