Posted on 10.30.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වැලිඔය, සම්පත්නුවර දිස්ත්‍රික් රෝහලේ ආයතන ප්‍රධානි ඇතුලු වෛද්‍ය කාර්ය මණ්ඩලයට ජාතිවාදී අවමන් සිදුකර මරාදමන බවට තර්ජනයකිරීමේ සිදුවීමක් වාර්තා වේ.
මේ සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. එම ලිපියේ සඳහන්වන පරිදි යුද හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.කේ.එස්. පැරකුම් විසින් වැලිඔය- සම්පත්නුවර දිස්ත්‍රික් රෝහලට පැමිණ රොහලේ ප්‍රධාන වෛද්යනිලධාරිවරයා ඇතුළු වෛද්‍ය නිලධාරීන්ට බැනවැදී මරණීය තර්ජන කර ඇත.
බ්‍රිගේඩියර්වරයා විසින් පවසා ඇත්තේ “පර දෙමළා, ප්රභාකරන්, ත්රස්තවාදීන්, තොපි මරණවා. මේක මගේ ඒරියා එක” යනුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්රනාන්දුෙඔක්තෝබර් දින සෞඛ්‍ය ඇමතිනියට යොමු කළ ලිපියේ දක්වා තිබේ.
ලංකාවේදී කිසියම් පුරවැසියකුට මරණ තර්ජනය කිරීම අපරාධමය වරදක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ මෙන්ම හමුදා නීතියේ විධි විධාන අනුව එවැනි වරදක් සිදුකළ සොල්දාදුවකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ හැකිය.
බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල ආරක්ෂක නිලධාරි බ්‍රිෙග්ඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු විසින් 2018 පෙබරවාරි 4 වැනිදා ලන්ඩනයේ දෙමළ විරෝධතාකරුවන්ට ගෙල සිඳින අභිනයක් පෙන්වීම සම්බන්ධ එරට අධිකරණයේ නඩුවක් විභාග කර අපහාසය හා සිත්වේදනාව වෙනුවෙන් පවුම් 4000ක් ගෙවීමට නියම කෙරිනි. එම මුදල මහජන මුදලින් ගෙවීමට ලංකාවේ විදේශ අමාත්‍යංශයට සිදු විය. ආරක්ෂක නිලධාරිවරයා මෙරටට කැඳවා යුද සේවයෙන් පහකළද කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොමැතිව පසුව සේවයේ පිහිටුවන ලදී.
ලංකාවේ සන්නද්ධ හමුදා විසින් යුද සමයේ සිදුකළ අපරාධ සම්බන්ධව චෝදනා එල්ලවී ඇති අතර ඒ සම්බන්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩු ගණනාවක් මේ දක්වා සමත්ව නැත. හමුදා විනය සම්බන්ධව පුරසාරම් කීවද යුද සමයේ අපරාධවලට නොව, රතුපස්වල ඝාතනය, කටුනායක ඝාතනය වැනි සිදුවීම් සම්බන්ධව යුද හමුදා නිලධාරින්ට මෙන්ම එවකට ආරක්ෂක ඇමති ලෙස මහින්ද රාජපක්ෂටද ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද චෝදනා එල්ල විය. අපරාධ සම්බන්ධව යුක්තිය ඉටු නොවනවා යනු ඉදිරියටද අපරාධ සිදුකිරීමේ නිදහස අැතිව අපරාධකරුවන් නිදැල්ලේ හැසිරීමය. එම නිසා වෛද්‍යවරුන්ට මරණ තර්ජන අවමන් සිදුවන අවස්ථාවල මෙන්ම සෙසු අවස්ථාවලද මෙම කරුණු සම්බන්ධව වෘත්තිකයන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන් සිය ඬ නැගිය යුතුව ඇත.