බදුල්ල ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක අද(16) පෙරවරුවේ සිදුවූ භූ කම්පනයක් පිළිබද භූ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත.
අද දින පෙරවරු 8.20ට පමණ සිදු වූ බවට වාර්තා වී ඇති මෙම කම්පනය බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවල ජනයාට අත්විදින්නට සිදුව ඇත. විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදය කුමාර ජනමාධ්‍ය වෙත පවසා සිටී. එම ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අධික ශබ්දයක් සහිත පොළව සෙලවීමක් තත්පර 03ක පමණ කාලයක් පැවැති බවයි.
මින් පෙර දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල හා සබරගමුව පළාතේ මෙවැනි භූ චලන ඇතිව තිබේ. විශේෂයෙන් 2004 දෙසැම්බර් 26 සුනාමියෙන් පසුව නිරීක්ෂණය කළ භූ තත්වයන් අනුව ලංකාව අයත් ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටියේ වෙනස්කම් සිදුව ඇති බවත් ඒ හේතුවෙන් සුළු භූ කම්පන ඇතිවන බවත් භූ විද්‍යාඥයන්ගේ නිගමනය විය. කෙසේවෙතත් භූ කම්පන සම්බන්ධයෙන් පැවති මතය වූයේ භූ තැටි අද්දර භූමි කම්පා හටගන්නා බවය. නමුත් ඇතැම් අවස්ථාවල භූ තැටි මධ්‍යයේද භූමි කම්පා නිසා විනාශයන් සිදුව ඇත.
ශී‍්‍ර ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු ඕස්ටේ‍්‍රලියා භූ තැටියේය. ඇතැම්
භූ විද්‍යාඥයන් පවසන්නේ ශී‍්‍ර ලංකාවට දකුණු දිග මුහුදු සීමාවේ ඉන්දු ඕස්ටේ‍්‍රලියානු භූ තැටිය කොටස් දෙකකට වෙන්වෙමින් පවතින බවයි. මේ වෙන්වීම ශී‍්‍ර ලංකාවට දකුණින් කි. මී. 500-000ත් අතර දුරින් සිදුවෙමින් තිබෙන බවද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. එම ස්ථානයේ සිට බැලූවිට මුළින්ම හමුවන ගොඩබිම වන්නේ මෙරට දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයයි. නිර්මාණය වෙමින් පවතින භූ තැටියට ඇත්තේ ද භූමිකම්පා සහ එයින් සිදුවන බලපෑම සැලකූ විට ආසන්න දුරකි. එහෙත් ඇතැම් භූ විද්‍යාඥයන් මෙම නිගමන සම්බන්ධ ඉක්මන් තීරණ ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර තවදුරටත් පර්යේෂන හා නිරීක්ෂන හරහා මේ ගැන කිවයුතු බව ඔවුන්ගේ මතයයි.