Posted on 12.25.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාදු ගඟේ සංචාරක බෝට්ටු පදවන්නන් අද(25) දින බලපිටිය පාලම අසලින් ගඟ හරස් කර විරෝධතාවයක නිරත විය.
ගමන් වාරයක් සඳහා ලබා දෙන වැටුප වැඩි කරන ලෙස බෝට්ටු හිමිකරුවන්ට බලකරමින් ඔවුන් මෙලෙස සිය විරෝධතාවය දක්වන ලදි.
සාමාන්‍ය ගමන් වාරයක් සඳහා එක් සංචාරකයකුගේන් රුපියල් 10,000ක මුදලක් අය කරන අතර ඉන් බෝට්ටු හිමිකරු වෙත ලැබෙන මුදලින් රුපියල් 200ක මුදලක් පමණක් තමන් වෙත ලබා දෙන බවත් විරෝධතාකරුවන් පවසයි.
මෙම අසාධාරණ ශ්‍රම සුරාකෑමට එරෙහිව මෙන්ම සිය වැටුප් ඉහල දමන ලෙස බල කරමින් ඔවුන් පැය කිහිපයක් විරෝධතාවයේ නිරත වූ අතර පසුව අදාළ ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධතාවය තාවකාලිකව නතර කරන ලදි.