Posted on 03.07.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ඊයේ(6) මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබිය දී මැණික්හින්න ප්‍රදේශයේ සමූහ ලෙස හැසිරුණු පිරිස් විසුරුවා හැරීමට අහසට වෙඩි තබන්නට පොලිසියට සිදුවිය.
පුද්ගලයින් සියගණනක කණ්ඩායමක් රාත්‍රී මැණික්හින්න ප්‍රදේශයේ කළහකාරී තත්වයක් ඇතිකරන්නට උත්සාහ ගත් බවත්, හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් පොලිසිය හෙලිකරය තිබේ. අහසට වෙඩි තබද්දී පිරිස පලා ගොස් ඇත. සිදුවීමේදී කිසිවකු තුවාල ලැබුවේද යන්න ගැන මෙතෙක් හෙළිව නැත.
අන්තවාදින් විසින් ගිනිතබන ලද දිගන විලේජ් මන්සන්ධිය අසළ නිවසේ නානකාමරයේ මියගොස් සිටි 28 හැවිරිදි තරුනයකුගේ මළසිරුරක් ෙපාලිසිය හා ඥාතින් විසින් ඊයේ පෙරවරුවේ සොයාගෙන තිබේ. මහනුවර දිගන මාර්ගෙය් පල්ලෙකැලේ අාසන්නයේ ඊයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරවාරයේපි මෙම නිවසේ සිටි මව පියා අැතුලු පිරිසක් මුදාගෙන පිටතට රැගෙන ගොස් අැති නමුත් ෙමම තරුණයා යම් කිසි හේතුවක් නිසා මගහැරී අැත. ඔහුෙග් සොහොයුරකු ෙරෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද ඥාතීන් පවසයි.
මහනුවර දිස්ත්‍රික්කය පුරා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව විසිරුනු ව්‍යාප්තියක් ඇති අතර නාගරික ස්ථානවල ව්‍යාපාරික කටයුතු කිරිමේදී සහ සංස්කෘතික කටයුතුවලදී ගැටුම් ඇතිවන තත්වයක් පැවතියේ නැත. ඇතැම් අවස්ථාවල බෞද්ධ ආගමික උත්සව සදහා මුස්ලිම් ජනයා සම්බන්ධ වනවා මෙන්ම මුදල් ආධාර පවා සිදුකරන තත්වයක් තිබේ. එළඹෙන සිංහල-දෙමළ අවුරුද් කාලය යනු සිංහල හා මුස්ලිම් ජනයා එක්ව කටයුතු කරන කාලයකි. එහෙත් එළඹෙන උත්සව සමයේදී වැඩි වාසි ලබා ගැනීම පිනිස ආසන්න සතුරා ලෙස මුස්ලිම් ව්‍යාාරික ස්ථාන ගිනිතැබීමට අවශ්‍යවන්නේ සිංහල ව්‍යාපාරිකයන්ටය. බොහෝවිට ව්‍යාපාරික අරමුණු මත ඇතිවන තරගකාරිත්වය නිසා සිංහල අන්තවාදී පිරිස් නඩත්තු කරන්නේ එම ව්‍යාපාරිකයන්මය. ජාතිවාදී අදහස් ව්‍යාප්ත කරමින් භික්සුන් විසින්ද ඇතැම් අවස්ථාවල මුස්ලිම් විරෝධයක් සියුම් ලෙස ඉස්මතු කරනු දක්නට ඇත. ජාතිවාදය එක් පාර්ශ්වයකට සීමා වන්නක්ද නොවේ. එක් ජාතිවාදයක් මත අනෙක ස්ථාපනය වන බව නොරහසකි. ජාතිවාදය භාවිත කරමින් දේශපාලනය කළ මහින්ද රාජපක්ෂ පාලනය තුළ බිහිකළ විවිධ සිංහල අන්තවාදී කන්ඩායම් හා ඊට ප්‍රතිචාර ලෙස මුස්ලිම් තරුන ප්‍රජාව අතර ඇති භීතිකාව පදනම් කරගත් ඒකරාශි වීම් ප්‍රකාශයට පත් වූයේ නැත. ඒ නිසා ඇතිව තිබෙන ගැටුම් පාලනය කළද ජාතිවාදය අවසන් වශයෙන් පරාජය කරන්නට හැකිවන තාක් අලු යට ගිනි පුපුරු මෙන් දේශපාලන බලවේග යටතේ නඩත්තු කරනු ඇත.