தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
"ඇයි මං විතරක් වැරදි? තව 118ක් ඉන්නවා" - දයාසිරි මිලියනයක් ගත් බව පිළිගනී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“ඇයි මං විතරක් වැරදි? තව 118ක් ඉන්නවා” – දයාසිරි මිලියනයක් ගත් බව පිළිගනී!



මැති ඇමතිවරු 118ක් පිළිබද චෝදනා තිබියදී තමන් විසින් පර්පචුවල් සමුහ ව්‍යාපාරයෙන් රුපියල් මිලියනයක් ලබාගැනීම වරදක් වන්නේ කෙසසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රශ්න කරයි.
තමන්ට රුපියල් මිලියනයක් ලැබුනු බවද ඒ මුදල් මැතිවරණයට වියදම් කළ බවද පවසමින් හවුල් ආණ්ඩුවේ හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර තවත් 118ක් මැති ඇමතිවරු එසේ මුදල් ගත් බව හෙළිදරව් කර ඇත. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් බැදුම්කර වංචාවක් සිදුකර ඇති බවට කෙරෙන විමර්ශනයේදී එම සමාගමේ කාර්යාලයෙන් හා අධ්‍යක්ෂවරුන්ගෙන් දුරකථන ඇමතුම් ගත් මැති ඇමතිවරු ගණනාවක නම් විමර්ශන වාර්තාවෙන් අනාවරණය විය. මේ අනුව රවි කරුණානායක පර්පචුවල් සමාගමේ මුදල්වලින් නිවසක් ලබාගැනීම සනාථ වීමෙන් පසුව පළමුවරට ඔප්පු වූ කරුණ ලසෙ මිලියනයක් ගත් බව දයාසිරි ජයසේකර පිලිගෙන ඇත.