தமிழ்
English
Contact
Friday 3rd May 2019    
දියතලාවේ දී බස්රථයේ බෝම්බයක් පිපිරීමේ සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේ! - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දියතලාවේ දී බස්රථයේ බෝම්බයක් පිපිරීමේ සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේ! – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක



ඊයේ(21) බණ්ඩාරෙවෙල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී ගින්නක් සමඟ ඇති වූ හදිසි පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව යුද හමුදාව පවසයි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් ලබාදෙමින් මෙම පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත් යුද්ධ හමුදාව තහවුරු කරන බව ද ඒ් සම්බන්ධව වැඩිදුරටත් පොලීස් පරීක්ෂණ පැවැත්වෙන බවත් පැවසීය. සිදුවිමට අදාළ වාර්තා අනුව යාපනය සිට බස් රථයේ පැමිණි මඟීන් බණ්ඩාරවෙල බස් නැවතුමේ දී වෙනත් පෞද්ගලික බස් රථයකට මාරු කර දියතලාව දක්වා ගමන් කිරීමට ඉඩ සලසා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. මඟීන් අතර යුද්ධ හමුදා සෙබලුන් 7 දෙනෙක් ද, ගුවන් භටයන් 5 දෙනෙක් ද වූහ. සියලු තුවාලකරුවන් දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වන බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මගී බස්රථයක බෝම්බයක් පිපිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේ යැයි ප්‍රකාශ කරන්නේ අැයදැයි මාධ්‍යවේදින් දිගින් දිගටම ප්‍රශ්න කරන විට මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙය ඒවැනි දෙයක් ප්‍රකාශ කිරීමෙන් මහජනතාව බියට හා කළබලයට පත්වන්නට ඉඩ අැති බවය. ඒක් අතකින් යුද හමාදා ෙසබලුන් ගම්න්ගත් බස්රථයක බෝම්බ පිපිරීම හා සාමාන්‍ය ජනයා ද ඒයින් අනතුරට පත්වීම නිසා මෙය සාමාන්‍ය සාමකාමී සිදුවීමක් ෙලස පිළිගත නොහැකිය. ඒක්කෝ සෙබලුන් අනතුරට පත් කිරීමට ඒසේත් නැතිනම් පෞද්ගලික අාරවුලක් මත බෝම්බය පුපුරවා අැත. නැතිනම් බෝම්බය මගී බස් රථයේ රැෙගන යාම නිසා මෙම අනතුර සිදු වී අැත. බෝම්බයක් මගී බස් රථයක රැෙගන යාම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේදැයි කිසිවකුට තර්ක කල හැකිය.  පසුගිය යුද සමයේ බස් රථයක ගමන් ගත් සිංහල නොවන ඔ්නෑම සාමාන්‍ය පුද්ගලයකුට ත්‍රස්තවාදී ලෙබලය අැලවිය හැකිව තිබිණි. දැන් උදා වී අැතැයි කියන සාමය තුළ තැන තැන මිනීමරන තත්වයක් අැත. බෝම්බ පුපුරුවා හරින තත්වයක් ද දැන් උදාවී අැත. යුද්ධය නිසා අැති වූ ප්‍රතිවිපාකවලට නිසි පිළියම් ෙනායොදා මෙවැනි ව්‍යාජ නිවේදන වලින් තවදුරටත් ජනතාවගේ ජිවිතාරක්ෂාව සැළසිය නොහැකිය. පාතාලය හෝ වෙනත් සබදතා පදනම් කරගෙන මරා ගැනීම යුද හමුදා සොල්දාදුවන් විසින් අපරාධහෝ ෙවනත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම, අවි භාවිතය යන සියල්ල ත්‍රස්තවාදී ක්‍රියා නොවන බව ප්‍රකාශ කර අතපිසදා ගැනීමට නොහැකිය.