ජාතිවාදී ප්‍රචණ්ඩත්වය හමුවේ පැනවූ හදිසි නිතිය ඉවත් කෙරේ !

මාර්තු 6 වැනිදා රටපුරා බලපවත්වන පරිදි පැනවූ හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කිරීමේ ගැසට් පත්‍රයට ඊයේ (17) රාත්‍රි ජනාධිපතිවරයා අත්සන් තැබූ බව වාර්තා වේ.

තෙල්දෙනිය ප්‍රදේශයේ ගැටුමක් නිසා පුද්ගලයකු මියයාමෙන් පසුව තෙල්දෙනිය හා මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යාමෙන් පසුව ආණ්ඩුව විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේය. හදිසි නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කිරිමකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන විමර්ශන අවශ්‍යතා පරිදි කරුණු දක්වමින් දීර්ඝ කාලයක් රදවා තැබීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබේ.

Chandana Sirimalwatte :