தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී අැතිදැයි පරික්ෂණ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී අැතිදැයි පරික්ෂණ



උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී අැති බවට වාර්තාවන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉල්ලීමක් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන් ජේ පුෂ්පකුමාර පවසයි.

උසස් පෙළ විභාගය අවසන් වී යමින් සිටි සිසුන්ට බෙදා හරින ලද අනුමාන ප්‍රශ්න පත්‍රයක සහ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ඒ ආකාරයෙන්ම ගැළපෙන බව කියැෙව්. මීට අමතරව රසායන විද්‍යා බහුවරණ විභාග ප්‍රශ්න පත්‍රයේ තීබු ප්‍රශ්න කිහිපයක් අනුමාන ප්‍රශ්න පත්‍රයක ද තීබූ ප්‍රශ්නවලට සමාන බවට සිසුහු චෝදනා කරති.

ඊයේ (19) අධ්‍යයන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ ) විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය  ලිවීම අවසන් වු පසුව එම ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් සහිත අත් පත්‍රිකාවක් ගම්පහ ප්‍රධාන පාසලක් අසලදී බෙදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. දිවයිනෙහි ප්‍රදේශ ගණනාවකදීම රසායන විද්‍යා විෂය සම්බන්ධයෙන් උපකාරක පන්ති පවත්වන බව සදහන් කරමින් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රශ්න කිහිපයක් සහිතව උපකාරක පන්ති ගූරුවරයෙකු විසින් මෙම අත් පත්‍රිකාව බෙදා හැර අැත. විභාගය අවසන් වු සැණින් මෙලෙස ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් සහිත පත්‍රිකාවක් ලබාදීම සම්බන්ධයෙන් මව් පියන් පිරිසක් විසින් විභාග දෙපාර්තමේත්තුවට දැනුම් දී ඇති අතර මේ අනුව පොලිස් මුලස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර අැති අතර ෙපාලිසිෙය් සහෙයා්ගෙයන් විමර්ශනයක් ඉල්ලා තිබේ.