මහින්ද රාජපක්ෂ හිතවාදි කණ්ඩායම්වල ආණ්ඩු විරෝධී උද්ඝෝෂනයට සහභාගි වී ආපසු යන්නට සූදානම් වන අවස්ථාවේ හෘදයාබාධයක් වැළදී අභාවයට පත් ජගත් විමලසූරියගේ ඊයේ (06) රාත්‍රි හැටන් කුඩාගම ඔහුගේ නිවසට රැගෙන එන ලදී.
හැටන් ප්‍රදේශයේ සිට විරෝධතාවට සහභාගි වු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන් සමඟ කොළඹට ගොස් ඇති ජගත් විමලසුරිය හදිසියේ රෝගාතුර වී ඇති අතර විරෝධතාව සදහා ඔවුන් ගමන් ගත් බස් රථය තුළ සිටියදි මිය ගොස් ඇත. 39 හැවිරිදි ජගත් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවක කළ තිදරු පියෙකි. මේ වනවිට ඔහුගේ බිරිය කටාර්හි ගෘහ සේවය සදහා ගොස් 3 වසරකි. ඇතැම් විට හෙට (08) පස්වරුවේ හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි සිදු කිරිමට නියමිත සැමියාගේ අවසන් කටයුතුවලට පවා බිරියට එන්නට අවස්ථාවක් හිමි නොවනු ඇත.