කිරිපිටි වලටත් මිල සූත්‍රයක්

ඉන්ධන සඳහා ආදේශිත සූත්‍රය වැනි නව මිල සූත්‍රයක් ආනයනික කිරිපිටි සඳහා ද හඳුන්වා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මෙම යෝජනව සඳහා අද(13) දින අනුමැතිය හිමිව තිබුණි.

ආණ්ඩුව විසින් ආනයනික කිරිපිටි සඳහා සුදුසු විසඳුමක් සෙවීමට බව පවසමින් පත් කරන ලද කමිටුව කිරිපිටි ආනයනකරුවන්ට ප්‍රතිලාභ හිමි වන අයුරින් මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

මේ අනුව ඉදිරියේදී කිරිපිටි මිල ජාත්‍යන්තර වෙළඳපොල මිල මත නිදහසේ තීරණය වීමට ඉඩ ලබා දී ඇති අතර රුපියලේ විදේශ වටිනාකම ක්‍ෂය වීමේ ආවසියද නැවත වටයකින් දේශීය පාරිභෝගියා වෙත අහිතකර ලෙස බලපෑම් කිරීමට නියමිතය.

සමස්ත ජනතාවගේ ගැටළු විසදන බවට පවසමින් බලයට පැමිණි ඊනියා මහජන නියෝජිතවරුන්ගෙන් සමන්විත ආණ්ඩු විසින් ජනයා වෙනුවෙන් බව පවසමින් අධික ලෙස වැඩකරන පන්තියේ ජනතාවගෙන් බදු අය කරමින් අවසානයේ සියල්ල ලාභය මත තීරණය වන වෙළඳපොලට උපරිම නිදහස දෙමින් පෙර කී ලෙස අය කර ගත් බදු මුදලද මහා පරිමාන බහු ජාතික සමාගම් වල වාසිය වෙනුවෙන්ම පමණක් වැය කරමින් තිබේ.

Lahiru Umayangana :