ශ්‍රීල.නි.ප. – ශ්‍රීල.පො.පෙ සාකච්ඡාව අවසන් මොහොතේ මහින්ද මග හරී!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ඒකාබද්ධ දේශපාලන පෙරමුණක් අරමුණු කරගත් සාකච්ඡා සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි නොවීම දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

මේ අතර ශ්‍රීල.නි.ප.-ශ්‍රීල.පො.පෙ සාකච්ඡා අද(14) අරම්භ වූ බවත් එහි පළමු පියවර සාර්ථකව නිමාවූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ පැවති ආරම්භක සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් පෙරවරු 10.15ට පැමිණියහ. එහිදී නිදහස් පක්ෂය නියෝජනය කරමින් ශ්‍රීල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහභාගී වී ඇත.

මේ අතර මෙම සකච්ඡාව සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැමිණිමට නියමිත බව වාර්තා වුවද අවසන් මොහොතේ ඔහු නොපැමිණෙන බව දන්වා ඇත.

දෙවැනි සාකච්ඡා වටයක් සදහා මාර්තු 21 වැනිදින යොදාගත් බව දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා මාධ්‍යෙව්දින් වෙත ප්‍රකාශ කළේය.

Chandana Sirimalwatte :