Posted on 04.19.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගතය මැද ආණ්ඩුවට එරෙහිව අදහස් දකවන්නන් අත්අඩංගුවට ගෙන නිහඬ කිරීමේ උත්සාහයට විරෝධය දක්වා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යොමු කර ඇති මෙම ඒකාබද්ධ ප්‍රකාශය සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන , වෘත්තීය සමිති, කලාකරුවන්, සරසවි ආචාර්යවරුන්ගේ සහ වාමාංශික පක්ෂ කිහිපයක් සම්බන්ධ වී තිබේ.
අප්‍රේල් 01වනදින පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනය හරහා භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස සීමා කර ඇති බව මෙම ප්රකාශනයේ දැක්වේ. එසේම ආණ්ඩුව මෙම වසංගතයට මුවාවී වෙමින් සිදුකරන මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන් උදුරා ගැනීමට ගෙන ඇති ක්‍රියා මාර්ග වහා හකුලාගත බව මෙම ඒකාබද්ධ ප්රකාශනය මගින් බල කර තිබේ.
සම්පූර්ණ ප්රකාශනය පහත දැක්වේ.

