தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
ජිනීවා නියෝජිතයන් ලංකාව පිළිබද නිර්දේශ 177ක් සම්මත කරයි - රජය වෙනුවෙන් පොරොන්දු 12ක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජිනීවා නියෝජිතයන් ලංකාව පිළිබද නිර්දේශ 177ක් සම්මත කරයි – රජය වෙනුවෙන් පොරොන්දු 12ක් !



ඊයේ(19) දිනයේ දී ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ සමාලෝචන පිළිබඳ සම්මත කරගෙන තිබේ.
පසුගිය නොවැම්බර් මාසයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාවේ නිර්දේශ 253කින් 177ක් පිළිගත් බවද ඒහිදී ලංකාව වෙන්වෙන් පොරොන්දු12ක් ද ලබාදීම ද සිදු වූ ඉව ජිනීවා වාර්යතා සදහන් කරයි. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, නව ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වන ක‍්‍රියාවලියට ශ‍්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය පිළිබදව ලංකාවේ ඒක්සත් ජාතින්ගේ නියෝජිතයා විසින් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබේ. මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් හෙට දිනයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.