Posted on 03.10.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජාතිවාදී ප්‍රචාර මර්දනය කිරීමේ මුවාවෙන් මේ දක්වා කිසිදු රාජ්‍ය මැදිහත්වීමකින් තොරව පැවති සමාජ ජාල මාධ්‍ය වෙත මැදිහත්වන්නට අාණ්ඩුව තීරණය කර අැත.
සමාජ ජාලා වෙබ් අඩවිවල අන්තර්ගතය පාලනය කිරීම සඳහා ජර්මනිය, පිලිපීනය අනුගමනය කරන තාක්ෂණ උපක්‍රම පිළිබඳව අවධානය යොමුකර අැති අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්ට ඒම රටවලදී භාවිත කළ තාක්ෂණය සම්බන්ධ පුහුණුවක් ලබාදීමට අාණ්ඩුවේ බලධාරින් තීරණය කර ඇත. ඊට අමතරව චීනය විසින් සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීමට ගන්නා ලද සැලසුම් පිළිබඳව කළ උපදෙස් ඉල්ලීමට චීන රජයෙන් එකඟතාවය පළකර තිබේ. ඒ අනුව දීර්ඝකාලීන වශයෙන් චීනය විසින් සමාජ ජාල පාලනය සඳහා ගෙන තිබෙන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමටද රජය සැලසුම් කර ඇත. පසුගිය පාලනය සමයේ ෙතාරතුරු තාක්ෂණ විශේෂඥයන් කැදවමින් රාජපක්ෂ පාලනයට සතුරු අාකාරයෙන් කටයුතු කරන පුද්ගලයන්, හා සංවිධාන සම්බන්ධ බුද්ධි අංශ වෙත තොරතුරු ලබාදුන් බවද ප්‍රකට විය. ඒහෙත් රාජපක්ෂ පාලනයට ඒරෙහිව මහජන විරෝධය ගොඩනැගෙද්දී ජනමාධ්‍ය අවහිර කිරීම ප්‍රමුඛ කාරණයක් විය. ඒහෙත් සමාජ ජාලා අවහිර කිරීම සිදු නොවීය. මාධ්‍ය අවහිර කිරීමේ තත්වය මගහැර ජනතා විරෝධය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ෙලස ඒවකට සිට සමාජ මාධය ජාලා විශේෂයෙන් ෙෆ්ස්බුක් ජනප්‍රිය විය. වත්මන් අහවුල් අාණ්ඩුව බලයට ඒන්නට මැතිවරණ වෙදිකාවලදී ෙයාදාගත් ප්‍රමුඛ සටන්පාඨයක් වූයේද මාධ්‍ය මර්දනය හා නිදහසේ අදහස් පළ කරන්න දඩයම් කරමින් රාජපක්ෂ පාලනය විසින් ෙගන අා මර්දනයයි.
පසුගිය දිනවල මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක හටගත් කලබලකාරී තත්ත්වයන් සමනය වූ විගස ෆේස් බුක්, වට්ස්ඇප් සහ වයිබර් යන සමාජ මාධ්‍ය ජාලවලට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය තීරණය කළ බව කියන නමුත් විදුලි සංදේශ නියාමන කොමිසම හරහා විදේශ විශේෂඥ සහාය ගනිමින් අාණ්ඩුව සිදුකරන්නට යන්නේ කුමක්ද යන්න තවදුරටත් රහසක් නොවේ.