නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෝග වගාවන් සඳහා අධික ලෙස රසායනික පොහොර වර්ග භාවිත කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ පස විනාශ වෙමින් පවතින බව පේරාදෙණිය උද්‍යාන බෝග සහ සංවර්ධන පර්යේෂණ ආයතනය පවසයි.
අදාළ තත්වය හේතුවෙන් ඉදිරියේදී එළවළු සහ පළතුරු බෝග අස්වැන්න සීඝ්‍ර ලෙස පහත වැටීමට නියමිත බව එම ආයතනය පෙන්වා දෙයි.
බෝග වගාවන්හිදී පස් කිලෝග්‍රෑම් 01කට පොස්පරස් මිලිග්‍රෑම් 30ක් පමණ ප්‍රමාණවත් වන අතර මෙලෙස පොහොර බාවිත කිරීම හේතුවෙන් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රිකයේ පසෙහි එය මිලි ග්‍රෑම් 100ක අගයක් දක්වා ඉහල ගොස් ඇති අතර ඇතැම් ස්ථාන වල මෙය මිලිග්‍රෑම් 400ක් පමණ ඉතා ඉහල අගයක පැවතීම විශාල අවදානම් තත්වයක් බව පැහැදිළි කරයි.
දිස්ත්‍රික්කය තුල මෙලෙස එක්රැස්වෙන පොස්පරස් ජලය සමඟ සේදී ගොස් ජලාශ වල තැන්පත් වීම හේතුවෙන් මේ වන විට ඇල්ගී ආක්‍රමණයකට ලක් වී තිබෙන අතර කල්යත්ම අදාළ ජලාශයන් බාවිතයට ගත නොහැකිවන ලෙස විනාශ වීමේ අවදානමක්ද පවතින බව අදාළ ආයතනය වැඩිදුරටත් කරුණු දක්වමින් පෙන්වා දේ.
බහුජාතික සමාගම් විසින් සිදු කරමින් තිබෙන ආක්‍රමණ හමුවේ මතුවෙමින් තිබෙන අර්බුද හේතුවෙන් අවම තත්වයන් හෝ ආවරණය වීමට ලබාගත යුතු අස්වැන්න වෙනුවෙන් බෝග වගාවන් සඳහා අධික ලෙස රසායනික භාවිත කිරීම හැර අන් විකල්පයක් දේශීය ගොවියාට ඉතිරිව නොමැති වීම මෙම තත්වයට හේතුවී තිබෙන බව නොරහසකි.