දකුණු සුඩානයේ සියලු දේශපාලන රැදවියන් නිදහස් කරති

දකුණු සුඩාන ජනාධිපතිවරයා ඊයේ එරට සියලුම දේශපාලන රැදවියන් නිදහස් කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දකුණු සුඩාන රජය සමග නව සාම ගිවිසුමට අත්සන් තැබීමට ජනාධිපති සෙල්වා කීර්(Salva Kiir) හා කැරළි නායක රික් මකර්(Riek Machar) පසුගියදා කටයුතු කළේය.

එම සාම ගිවිසුමට අනුව සියලු දේශපාලන රැදවියන් නිදහස් කිරීමට දකුණු සුඩාන රජය එතගවී තිබේ. ඊයේ දිනයේ එම එකගතාවය අනුව එරට සිටි සියලු දේශපාලන රැදවියන් නිදහස් කර ඇති බව වාර්තාවේ.

මෙසේ රදවාගෙන සිටි බහුතරය එරට කැරළි නායක රික් මැක්හර්ගේ ආධාරකරුවන් වන බවද වාර්තාවේ.

පසුගියදා අත්සන් කරන ලද සාම ගිවිසුමට අනුව එරට උප ජනාධිපති ධුරයක් කැරළි නායක ලෙස කටයුතු කළ රික් මැකිහර් වෙත පිරිනැමෙන අතර දෙපා්ර්ශ්වය අතර පැවැති මතගැටුම් හා එකිනෙකාට එරෙහිව කරනු ලබන ප්‍රහාරයන් නැවතීමට පොර්ශ්වය එකවී තිබේ.

මෙසේ සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් දකුණු සුඩාන සිවිල් යුද්ධ අවසන් කිරීමට අප්‍රිකානු රටවල් ගණනාවක් මැදිහත්ව කටයුතු කළ අතර ඉන් මූලිකව කටයුතු කරනු ලැබුයේ ඉතියෝපියාවයි.

Madanayaka :