Posted on 08.29.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් තරග පාවාදෙන්නන් හදුනාගන්න මහජන සහාය පතයි.
පසුගිය මැයි මස දිනක අල් ජසීරා රූපවාහිනිය මගින් විකාශනය කරන ලද වැඩ සටහනක සිටින පුද්ගලයින් හදුනා ගැනීම සදහා මෙසේ ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම වැඩ සටහනේ සිටින එක් ඉන්දීය ජාතිකයකු පිළීබදව තොරතුරු දන්නේ නම් වහාම එම තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
අල්ජසීරා රූපවාහිනිය ළගදීම එවැනි තන්‍ත් වැඩ සටහනක් විකාශය කිරීමට නියමිත බවද වාර්තාවේ. අන්තර් ජාතික බුකී කරුවන් හා සූදු කරුවන් විසින් ක්‍රිකට් තරග සිය ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක යෙදී සිටී.
ී
මේ සදහා විවිධ රටවල සිටින ක්‍රීකට් ක්‍රීඩකයින්ව අල්ලස් ලබාදී සිය අවශ්‍යතාවයන්ට අනුව මෙහෙයෙවනු ලබයි. තරග පැරදවීම සදහා මෙන්ම තරග ජයග්‍රහණය කිරීම සදහා නොයෙක් ආකාරයෙන් මැදිත්වේ. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පාවාදීමේ මහාපරිමාණ ජාලකයක් ක්‍රියාත්මකව තිබේ.
පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද මෙම අල්ලස් ලබා ගැනීමේ අයථා ගනුදෙනු සදහා සම්බන්ධවූ බවට චොදනා එල්ලවී තිබුනි.