தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ICC දූෂණ චෝදනා - කරුණු දක්වීමට තමන් සුදානම් බවට සනත්ගෙන් නිවේදනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ICC දූෂණ චෝදනා – කරුණු දක්වීමට තමන් සුදානම් බවට සනත්ගෙන් නිවේදනයක්



දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සැපයීම පිණිස සනත් ජයසූරියට සඳුදා (ඔක්තෝබර් 15) සිට දින 14 ක කාලයක් ලබාදෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ජනත් ජයසූරියට එරෙහි චෝදනා දෙක සඳහන් කර ඇත.

1. නීති සංග්‍රහයේ 2.4.6 වගන්තියට අනුව – අසමත් වීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම: පිළිගත හැකි හේතුවක් නොමැතිව දූෂණ විරෝධී ඒකකය මෙහෙය වූ කිසිදු පරීක්ෂණයකට සහයෝගය නොදැක්වීම සහ පරීක්ෂණයට අදාළ තොරතුරු සහ/හෝ ලේඛන නිවැරදි ලෙස සහ සම්පූර්ණ ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.

2. නීති සංග්‍රහයේ 2.4.7 වගන්තියට අනුව – දූෂණ විරෝධී නීතිය යටතට ගැනෙන දූෂණයක් හෙළි කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණයට අදාළ හෝ පරීක්ෂණයේ සාක්ෂි විය හැකි වාර්තාවක් හෝ වෙනත් තොරතුරක් ආවරණය කිරීම, වෙනසකට භාජනය කිරීම හෝ විනාශ කිරීම, දූෂණ විරෝධී ඒකකය මගින් ක්‍රියාත්මක කළ පරීක්ෂණයට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සනත් ජයසූරිය ද මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ පිළිබඳව ඔහුගේ ප්‍රතිචාරය දින 14ක් ඇතුළත ඉදිරිපත් කිරීමට ඇති හෙයින් ඒ පිළිබඳව කිසිදු අදහස් දැක්වීමක් කළ නොහැකි බවත් ඔහුගේ නීතිඥ කණ්ඩායම චෝදනාවට අදාලව සනත් ජයසූරියගේ ප්‍රතිචාරය සකස් කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

එසේම චෝදනා එල්ල වී ඇත්තේ, ICC පරීක්ෂණවලට සහයෝගය ලබා නොදීම සම්බන්ධයෙන් බවත් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් හැම විට ම අවංකාභාවයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළ අතර ඉදිරියේදී ද එය එසේ ම සිදුකරන බවද සනත් ජයසූරිය සඳහන් කර තිබේ.