Posted on 10.12.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා නගමින් කෝෂිලා හංසමාලි පෙරේරා මාස දෙකක කාලයක් සිරගතකර සිටීම යුක්ති සහගත නොවන බව අද(12) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී නැවත වරක් සනාථ විය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝෂිලා හංසමාලි සහෝදරියට අදාළව කිසිඳු චෝදනාවක් නොමැති අතර පොලීසිය ඉදිරිපත් කළ වීඩියෝ සාක්ෂිවලද ඇය එම ස්ථානයේ සිටි බවටවත් කිසිඳු සාක්ෂියක් නැත. පසුගිය නඩුවාරයේදී තලංගම පොලීසිය උසාවියට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා තුළද කෝෂිලාහංසමාලිගේ නම සඳහන් කර නැත. ඒ පිළිබඳව නීතීඥවරුන් ප්‍රශ්න කළ විට අද දින තලංගම පොලීසිය කෝෂිලා හංසමාලි අදාළ ස්ථානයේ නොසිටි බවට තවත් වාර්තාවක් උසාවියට ඉදිරිපත් කර තිබේ. කෙසේවෙතත් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඇය වෙනුවෙන් නීතිඥවරු ඉල්ලා සිටි ඇප ප්‍රතික්ෂේප කර තිබේ.
කොතලාවල පනතට එරෙහිව ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය’ විසින් අගෝස්තු 03 පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයේදී පොලිසිය යෙදවූ යකඩ බාධකවලට හානි කිරීම හා මිනිපෙට්ටියක කාඩ්බෝඩ් අනුරුවක් ගිනි තබා මාර්ගයට හානි කිරීම සම්බන්ධ චෝදනා නගමින් කෝෂිලා හංසමාලි ඇතුළු විරෝධතාකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට දෙමසකට අධික කාලයක් ගතව ඇත. මේ සම්බන්ධයෙන් වන අදාළ නඩුව අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිනි. එහිදී මෙම ක්‍රියාකාරීන්ට එරෙහිව අතිශයන් ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර ඇති බවට නීතීඥවරුන් ප්‍රබල ලෙස කරුණු ඉදිරිපත් කරණ ලදී.